Deshodaya - Natiional Re-Awakening

පත්තිනි අම්මාන් කෝවිලේ වහලය හදාගතහොත් කරදරයක් නැතුව වන්දනාමාන කරන්න පුළුවන්

අපේ දිස්ත්‍රික්කයේ සිංහල හා දෙමළ ජනයා එකට ජීවත් වෙන පැති බොහොමයක් තියෙනවා .ඒවගේම ඔවුන් ආගම හෝ ජාති භේදයක් නැතිව එකම කෝවිලට ගොස් දෙවියන් වදිනවා. පුජාවන් පවත්වනවා. භාරහාර ඔප්පුකරනවා .

මතුගම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ හේනේගම වසමේ මැද්දෙගම ගමේ ශ්‍රී පත්තිනි අම්මාන් කෝවිල අවට ගම්මාන රාශියක පවුල් දහසකට වඩා මෙම කෝවිලට තමන්ගේ දුක කියාගෙන පැමිණෙනවා ඒවගේම වැදුම් පිදුම් කර හිතේ සතුටක් ලබනවා .

නමුත් බොහෝ කාලයකට පෙර ඉදිකල මෙම කෝවිලේ වහලෙන් අහස පේනවා. වැසි දිනවල පුදබිම ඇතුලත වතුර ගලනවා , ඒවගේම දිරාගිය දැව දඩු සමග වහලය හිසට කඩා වැටෙයි කියා බයෙන් සිටින්නේ .වඳින්න ගිය දේවාලය හිසේ කඩාවැටුණයි කියන උපහැරණය සැබැ සිද්දියක් ම වෙන්න පුළුවන්.

අපේ ගමේ අවටින් දැව දඬු ටිකක් සොයා ගන්න පුළුවන් උනත් මේවගේ පොදු තැනක් තියෙනවට වඩා හොඳට ප්‍රධාන ලී බාල්ක පිළිවෙලකට යොදා වහල උළු ටිකක් නැවත සෙවිලි කර ගන්න වෙනවා. ඒ වෙනුවෙන් සැබැවටම වියදමක් ඕනේ. හරියට බලල ඇස්තමේන්තුවක් හැදුවා. නමුත් වියදම විසාල නිසා ඒක හීනයක් වගේ.
මෙය සදහා අපේ ශ්‍රමයත් එක්ක මුලික සම්පත් ටික සොයාගන්න පුලුවන්නම් ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් හීනයක් බවයි ගමේ කාගේත් අදහස.

- බේලින් ගුණසිංහ -

2 thoughts on “පත්තිනි අම්මාන් කෝවිලේ වහලය හදාගතහොත් කරදරයක් නැතුව වන්දනාමාන කරන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *