Deshodaya - Natiional Re-Awakening

මුස්ලිම් දැරිවියන්ට තම පාසල් නිල ඇදුම පාසලේදී තහනම් ද ?

කළුතර බේරුවල අළුත්ගම වැලිපැන්න ආදී ප්‍රදේශවල මුස්ලිම් දරුවන් තමන්ට ම සුවිශේෂ මුස්ලිම් විද්‍යාලවල මෙන්ම සිංහල දරුවන් ද අධ්‍යාපනය ලබන මිශ්‍ර පාසල් වලද අධ්‍යාපනය ලබති .
කාලයක් තිස්සේ වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේ පාසැල් කීපයක මුස්ලිම් ශිෂ්‍යාවන්ට සිදුවන අසීරුතාවන් පිළිබද අපගේ අවධානය යොමුවිය යුතු යැයි මුස්ලිම් කාන්තාවන් විධියට නැතහොත් දරුවන් ගේ අම්මා කෙනෙකු විධියට මා සිතනවා.
මුස්ලිම් දැරිවියන් පාසල් යනවිට දෙපතුල දක්වා සුදු කලිසමක් පාසල් ගවුමට යටින් අදිති .එසේම හිස වැසෙන සේ පර්දාවක් ද අදිති. නිවසේ සිට පාසැල වෙත, එසේ ඇදගෙන යන ඔවුන් සිංහල සිසු සිසුවියන් සිටින තම පාසල් ගේට්ටුව ලඟදි සුදු දිග කලිසම එලියට නොපෙනෙන සේ සුදු ගවුමින් ආවරණය වන සේ දණහිසින් ඉහලට නවා ගන්නට සිදුවේ . හිස ඔතා තිබෙන පර්දාව ගලවා බෑගයේ දමා ගනී.සිංහල සිසුවියකගේ වෙස් ගෙන ගේට්ටුවෙන් ඇතුලු විය යුතුය. මුස්ලිම් අනන්‍යතාව පැය පහකට සඟවා ගත යුතුය .
ප්‍රදේශයේ සෑම පාසලක නොවුනත් කිහිප ස්ථානයක පාසල් සංවර්ධන සමිති හි බලපෑම මත සිදුවන මේ අසාධාරණය පිලිබඳ වගකිව යුතු පිරිස් හි අවධානය යොමු විය යුතුයි .මවුපියන් විධියට අප සිතන්නේ ඔවුන් තමන්ගේ මුස්ලිම් අනන්‍යතාව සමඟ සිංහල දරුවන් සමඟ මිශ්‍රව ඔවුන් සහ සමානව මෙම විදුහල් තුල අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් තිබිය යුතුයි.
දේශෝදය සභාව මැදිහත්වී මෙම ගැටළුව විසඳා ගැනීමට උදවු කිරීම ජාතින් අතර සහයෝගය වැඩිකිරීමට හේතුවක් වනු ඇත .

- එම්. එස්. එස්. හනියා – වැලිපැන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *