Deshodaya - Natiional Re-Awakening

උතුරු දකුණු මිතුදම

කෑගල්ල දිස්ත්‍රික් සර්වෝදය මධ්‍යස්ථානයේ මඟ පෙන්වීම යටතේ දෙහිඕවිට ප්‍රාදේශීය දේශෝදය මංඩලය මගින් උතුර – දකුණ මිතුදම සනිටුහන් කිරීමේ අවස්ථාවක් පසුගියදා උදා විය. සර්වෝදය මගින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගිය වසරේ මුලදී, මැදි මහා විදුහලේ පැවැත්වූ දිස්ත්‍රික් දේශෝදය මහා සභාවට එක් වීමේදී දැන හැඳින ගත් මල්ලී කෙනෙක් වූ ෂරිප් අපට හමුවිය. විශ්ව විද්‍යාල මට්ටමින් අධ්‍යාපනය හදාරා සිටි ශරීප් පුතා හා දමිළ හා සිංහල යන භාෂාවන් තුලින් කථා කර අපි අපේ මිතුදම ඇතිවිය. අපි අතර දේශෝදය සම්මේලනයෙන් පසු නිතර නිතර දුරකථන සංවාදයන් අනුව මේ මිතුදම වඩ වඩාත් ලඟා විය. ෂරිප්ගේ පියා සිංහල වන අතර මව දමිළවේ. පියාට සිංහල කතා කිරීමට හැකි නමුත් මවට සිංහල කතාකිරීමට නොහැක. ෂරිප් පුතාගේ දැඩි ඉල්ලීම මත දෙහිඕවිට ප්‍රාදේශීය දේශෝදය මංඩලයේ තීරණය මත අපි, පවුලේ අය හා තවත් පුංචි පිරිසක් යාල්දේවී දුම්රියෙන් පොල් පැල 02, බුලත් වැල් ප්‍රමාණයක් හා කොන්ඩ කැවුම්, පැණි වලලු, අලුවා, කොකිස් වැනි සිංහල සිරිතට කැවිලි සාදාගෙන උතුරුකරයේ කිලිනොච්චිය – අම්බාන්කුලම් ගමට නෑගම් ගියෙමු.

යුද්ධයෙන් වැනසුණු ඉඩම අලුත ගොඩනඟා ගත් නිවස යලි ගොවිතැන් කරන ගෙවත්ත අපිට සතුටකි. අපේ සිංහල කෑම ෂරිප්ගේ පවුලේ යට සතුට ගෙනදෙන්නක් විය. ඔවුන්ගේ වඩේ, තෝසේ, ඉට්ලි පුවාලු කෙසෙල් වැනි ආහාරයන් අපට ඒ දිනවල ජනප්‍රියතම කෑම විය. අවට පොකුණට දිය නෑමට ගියෙමු. කෝවිලට ගියෙමු. පසුදින ත්‍රිවිලරයන් හා මෝටර් සයිකල් වලින් නගරයේ දර්ශන හා ඉරනමඩු ජලාශය නැරඹීය. 2014 සැප්තැම්බර් මුල ෂරිප් පුතාට ජාතික තරුණ සේවා සභාව හරහා මහරගම නාට්‍ය පාඨමාලාවකට ඒමට සිදු විය. පාඨමාළාව මාසයකි. දිවයිනේ තරුණ තරුණියන් 25ක් පමණ පාඨමාලාව පැවැත්වුනේ කෑගල්ල දිසාවේ දැරණියගල ආසනයේ දෙහිඕවිට – බටංගල යොවුන් නිකේතනයේය. එය තරුණ සේවා සභාවේ ෆාම් එකක් වන අතර පුහුණු මධ්‍යස්ථානයකි. ෂරිප් පුතා දුරකතනයෙන් දැනුම් දුන්නේ හටන්ගල පුහුණුවකට එන බවයි. අපි කිවේ හටන්ගල නොව බටංගල බවයි. දෙහිඕවිට ප්‍රාදේශීය දේශෝදය මංඩලය දැනුවත්කර අපි කැවුම් කේක් රැගෙන බටංගල ගියේ පුතා බැලීමටයි. ෂරිප් පුතා එහිදී ඔහුගේ යාළුවන්ට පවසා සිටියේ මම කිලිනොච්චියේ උනාට දකුණේ මගේ අම්මා , තාත්තා, අක්කා, මේ ඇවිත් ඉන්නා බවයි. අප ගෙනා දේශීය කැවිලි සැමට දී සුහදතාවය වඩාත් වර්ධනය වුවාය. දුර බැහැරක නිසා කිලිනොච්චියේ ෂරිප්ගේ මව, පියා, සහෝදරයන්ට බටංගල ඈත විය. අප පවුලේ අයට බටංගල ළඟ විය.අප පවුලට බටංගලට යාම නිසා ෂරිප් පුතුට සතුට උදා විය. යාල්දේවියත් කිලිනොච්චියේ දේශෝදය දිස්ත්‍රික් සම්මේලනයත්, එහි ගතකිරීමත් නිසා ඇතිවූ මිතුදම කිසිදා අමතක කල නොහැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *